Sura Geeyayi Song Lyrics - සුර ගීයයි ගීතයේ පද පෙළ

Sura Geeyayi Song Lyrics - සුර ගීයයි ගීතයේ පද පෙළ

Sura Geeyayi Song Lyrics - සුර ගීයයි ගීතයේ පද පෙළ

Sura Geeyayi Song Lyrics - සුර ගීයයි ගීතයේ පද පෙළ
Song Title : Sura Geeyayi (සුර ගීයයි)
සංගීතය : රූකාන්ත ගුණතිලක සහ ලතා වල්පොල
නත්තල් කැරොල්ස්


සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ
කවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ

සුසිත් දනන්හට සාමය ලැබී දිනේවා
ලොව සව්සතහට සාමය ලැබී දිනේවා
මෙසේ දේවදූතයෝ සිරි ගීත ගැයූවා
බිළීඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා

ගොපළුන් සුසිරය ගෙන තාලයට පිඹිනවා
බැටළුන් කරපින්නාගෙන ඒ දෙස එනවා
සුර දුතු කැළ කියූ බිළිඳු කොහෙද අසනවා
බිළිඳුන් දුටු සැණින් වැටී වැඳ අයදිනවා

දරු නැලවිල්ලයි දැන් ඒ දෙසින් ඇසෙන්නේ
බිළිඳා මව් උකුලට වී සැපට නිදන්නේ
පිය අතට බර වී පිටු පසින් සිටින්නේ
මෙතනය ලොව රජවන දෙව් බිලිඳු උපන්නේ

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ
කවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment