Rathnawalli Parapurata Uruma Song Lyrics - රත්නවල්ලි පරපුරට උරුම ගීතයේ පද පෙළ

Rathnawalli Parapurata Uruma Song Lyrics - රත්නවල්ලි පරපුරට උරුම ගීතයේ පද පෙළ

Rathnawalli Parapurata Uruma Song Lyrics - රත්නවල්ලි පරපුරට උරුම ගීතයේ පද පෙළ
Song Title : Rathnawalli Parapurata Uruma (රත්නවල්ලි පරපුරට උරුම)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : රෝහණ දන්දෙණිය
තනුව හා සංගීතය : උපාලි ජයලත්


රත්නවල්ලි පරපුරට උරුම වුණ
පින්න මලක් වැනි පිපුණු කැලේ
ගිගිරි සළා එන රුවේ අසිරි දැක
සතුටු සිනා රැළි මෝදු කෙරේ //

ඇඟිලි තුඩේ තඹ තැටිය වගේ
කලදවස නුඹේ රවුමට කැ‍රකේ //
අත්ල බලා මතු දවස කියන කල
මතු දවසක් ගැන නැද්ද සිතේ

රත්නවල්ලි පරපුරට උරුම වුණ
පින්න මලක් වැනි පිපුණු කැලේ
ගිගිරි සළා එන රුවේ අසිරි දැක
සතුටු සිනා රැළි මෝදු කෙරේ

ගව්වෙන් ගව්වට ගිමන නිවා යන
බරක් හිතේ නැති ගාඩි රැහේ //
තහංචි සිඳ බිඳ නිදහස් ගමනක
එන්න හිතයි මට සුහුරු ලියේ

රත්නවල්ලි පරපුරට උරුම වුණ
පින්න මලක් වැනි පිපුණු කැලේ
ගිගිරි සළා එන රුවේ අසිරි දැක
සතුටු සිනා රැළි මෝදු කෙරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment