පැස්තා ඩෝ එක සකසා ගැනීම (Pasta Do Eka Sakasa Ganima)

පැස්තා ඩෝ එක සකසා ගැනීම (Pasta Do Eka Sakasa Ganima) - Your Choice Way

හැමෝම වගේ ගොඩාක් අපහසු කාලයක් මේ පහු කරන්නේ . ආහාර ද්‍රව්‍ය වල මිල ඉතා ඉහලයි. ඉතිං මං හිතුවා පහසුවෙන් හා ඉතා අඩු වියදමකින් උදෑසන ට හෝ රාත්‍රි ආහාරයට සකස් කර ගන්න  පුළුවන් ආහාරයක් ගෙදර ම සකස් කර ගන්නා විදිය ඔයාලට කියලා දෙන්න .ඔයාලා දන්නවා පාස්තා කියන්නෙ මේ දිනවල  මිල අධික ආහාරයක් , ඉතිං අපට පුළුවන් පහසුවෙන් ගෙදරදිම පාස්තා ටිකක් සකස් කර ගන්න ඉතාමත් අඩු අමු ද්‍රව්‍ය ටිකකින් 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 තිරිඟු පිටි කෝප්ප 2 ක්
  • 🌷 ලුණු තේ හැඳි 1 ක්
  • 🌷 ඔලිව් තෙල් මේස හැඳි 2 ක් (ඔලිව් තෙල් අත්‍යාවශ්‍ය නැහැ, ඔයාලා ගෙදර කෑමට ගන්න තෙල් වර්ගයක් එකතු කරන්න.)
  • 🌷 බිත්තර 1 ක් (මෙයත් අත්‍යාවශ්‍ය නැහැ , තියෙනවා නම් විතරක් එකතු කර ගන්න . මං එකතු කලේ නැහැ.)

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌹 භාජනයක් ගෙන පිටි සහ ලුණු එයට දමා හොඳින් මිශ්‍ර කරන්න.
  2. 🌹පිටි ටික මැදින් ඉඩක් සාදා ඔයාලා පාවිච්චි කරන තෙල් වලින් මේස හැඳි 2 ක් සහ ඔයාලා කැමති නම් පමණක් බිත්තරයක් එකතු කරන්න.
  3. 🌹 මේ සියල්ල හොඳින් මිශ්‍ර කරන්න . වතුර ටික ටික එකතු කරමින් රොටි පදමට පිටි මෝලිය අනා ගන්න.
  4. මං වතුර මැනලා ගත්තෙ නැහැ , ඔයාලා වතුර වැඩි කර ගන්නෙ නැතුව තරමක ඝන පිටි මෝලියක් සකස් කර ගන්න . මෝලිය මිනිත්තු 5 , 6 ක් හොඳින් අනා ගන්න . පසුව මිනිත්තු 20 ක් පමණ ඉටි කොලයකින් වසා පසෙකින් තබන්න.
  5. 🌹 මිනිත්තු 20 කට පසු පිටි මෝලිය කැබලි දෙකකට පමණ කඩා පිටි ඉසගත් මතුපිටක දමා හොඳින් තුනී කරන්න.
  6. පිටි ඉසිමින් දෙපැත්ත දමමින් හොඳින් තුනී කර  පිංතූර වල පෙනෙන පරිදි පටි කපා ගන්න.
  7. 🌹 දැන් වතුර භාජනයක් ලිප තබා ලුණු ස්වල්පයක් සහ ඔලිව් හෝ ඔයාලා ලඟ තියන තෙල් වර්ගයකින් මේස හැන්දක් පමණ එකතු කර හොඳින් නටවා පටි  කපාගත් පාස්තා ටික උතුරණ වතුර ට දමා මිනිත්තු 4 , 5 ක් තම්බා ගන්න.
  8. 🌹 තම්බා ගත් පාස්තා වතුර පෙරා ඉවත් කර සාමාන්‍ය වතුර භාජනයකට දමා වතුර පෙරා ගන්න.

දැන් සකස් කරලා ඉවරයි  😍 ඔයාලා කැමති ආකාරයකට මේ පාස්තා පිලියෙල කර රස විඳින්න පුළුවන් ❤මං හිතනවා ඔයාලට මේ රෙසිපි එක ඉතාමත් වටිනා අදහසක් වෙයි කියලා .ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
පැස්තා ඩෝ එක සකසා ගැනීම (Pasta Do Eka Sakasa Ganima) - Your Choice Way

පැස්තා ඩෝ එක සකසා ගැනීම (Pasta Do Eka Sakasa Ganima) - Your Choice Way

පැස්තා ඩෝ එක සකසා ගැනීම (Pasta Do Eka Sakasa Ganima) - Your Choice Way

පැස්තා ඩෝ එක සකසා ගැනීම (Pasta Do Eka Sakasa Ganima) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment