Himi Wedo Song Lyrics - හිමි වේදෝ ගීතයේ පද පෙළ

Himi Wedo Song Lyrics - හිමි වේදෝ ගීතයේ පද පෙළ
Song Title : හිමි වේදෝ (Himi Wedo)
Singing : Sayumi Mullegama ft. Dulan ARX
Lyrics : Sahan Ginige 
Rap Lyrics : Dulan ARX
Melody & Music : Sanjula Himala 
Mixed & Mastered : Sanjula Himala 
Director : Chameera J Hettiarachchi
Cinematography : Irushka Bogoda 
Edit & Colorist : Chameera J Hettiarachchi @ 3rdeye Cinema
Photography : Chathumal Ranasinghe
Choreography : Oshan Liyanage


හිමි වේදෝ ආලේ නුඹ මාගේ
මම නේ දෝ හීනේ ඉඟි දෑසේ
හිත හංඟා ඉල්ලා පානා ඒ නුරා
හිත රන්ඳා කැන්ඳා හීන චාරිකා

ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ ඒ හීනේ මා වින්ඳා
ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ ඒ හීනේ මා වින්ඳා

රෑ හීන පාරා ආයේ
මා නේද හීනෙ කීයේ
ආඩම්බරෙන් ඇස් කොඳුරන්නේ
පෑ මීන ආශා රෑනේ
මා ප්‍රේම හීනෙ ලීවේ
කවිකාර නම් ඇයි නොකියා ඉන්නේ

ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ ඒ හීනේ මා වින්ඳා
ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ ඒ හීනේ මා වින්ඳා

විශ්වාසේ ඇන්ද ඇලපිල්ලක් වැල්ලේ
ආල මතක මට මූදු රැල්ලක් කෙල්ලේ
නෙතින් නෙත බලාන ඔයා කිවුවත් එල්ලේ
දෙහදක කතාවක් නිමයි බැඳපු තැල්ලෙ.. ආහ්

ගිනි පෙල්ලෙන් බැට කෑවේ මං
ඔයාගේ ආලේ කණාමැදිරි එලියක් නම්.. Yeah
නොගියත් ආයේ කතරගං
ඔයාගේ බැල්මෙන් ආයේ ආයේ මං අතරමං.. Wooh

අතහැර ගන්න බෑ
දැක දැක නුඹෙ ආලේ
මතක මකන්න බෑ
මතකෙට එන ගානේ
හිතකට දෙන්න බෑ
දැන දැන දුකක් ආයේ
වෙස්සන්තර වෙන්න බෑ
දන් දෙන්න බෑ මට ආයේ

සංචිත සතුටේ වෙලා අවසානයක්
මේ බංකොලොත් හදට දෙන්න ආදර ණයක්
ගොඩ ගන්න මේ හද ඔයාට ඇති වරු හයක්
මට ඉන්න බෑ ඔයා නැති මානෙක එක පැයක්

ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ ඒ හීනේ මා වින්ඳා
ඉනාවේ මානේ නුඹ මායාවේ රන්ඳා
ප්‍රියාවී ආයේ ඒ හීනේ මා වින්ඳා


Himi Wedo Song Lyrics - හිමි වේදෝ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment