Sathekda Pirimiyekda Song Lyrics - සතෙක්ද පිරිමියෙක්ද ගීතයේ පද පෙළ

Sathekda Pirimiyekda Song Lyrics - සතෙක්ද පිරිමියෙක්ද ගීතයේ පද පෙළ
Song Title : Sathekda Pirimiyekda (සතෙක්ද පිරිමියෙක්ද)
ගායනය : සුජාතා අත්තනායක සහ මල්ලිකා කහවිට
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපු ගෙදර" චිත්‍රපටියේ ගීයකි.


ලලාල ලාලාලා ලලාල ලා
ලලාල ලාලාලා ලලාල ලා //

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ //

කුකුළ් හොරෙක්ද මන්දා ආවේ
මෙහාට කවුද පාර කිව්වේ //

කැලේදි අල්ලා
මෙහේ ගෙනල්ලා
රිලා මහල්ලා මුලාවෙලා //

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ //

දියෙන් ගෙනාව ඉස්සා වාගේ
ගැහෙන්නෙ ඇයි මොකද්ද රෝගේ //

අතින් කපාලා
ඇඳුම් පොරෝලා
සදාපු බිල්ලා වගේ බොලේ //

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ //


නැවිච්ච කොන්ද දුන්න වාගේ
ගනිල්ල රූපයක් මෙයාගේ //

සිමෙන්ති මූණයි
ගඩොල් හිනාවයි
මුලිච්චි වූ දා මළා තමයි //

සතෙක්ද පිරිමියෙක්ද ගෑණියක්ද මේ
බලන්න කිට්ටු වෙන්න නම් බයයි අනේ //

ලලාල ලාලාලා ලලාල ලා
ලලාල ලාලාලා ලලාල ලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment