Sarungale Sarungale Song Lyrics - සරුංගලේ සරුංගලේ ගීතයේ පද පෙළ

Sarungale Sarungale Song Lyrics - සරුංගලේ සරුංගලේ ගීතයේ පද පෙළ
Song Title : Sarungale Sarungale (සරුංගලේ සරුංගලේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ

බට සොයලා පතුරු කපා එකට තියාලා
බැමි බැඳලා ලාටු උලා කොළ අලවාලා
රැලි කපලා එල්ලාලා හැඩ වැඩ දාලා
හැදුව ඔයා උඩට ගියා මා මෙහි දාලා

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ

දේව ලොවේ ලස්සණ දේ නේද තියෙන්නේ
තාම හඳේ මැද්දෙ ද සුදු හාව නිදන්නේ
පුංචි ළමුන් එක්කද ඌ සෙල්ලමෙ යන්නේ
නූල දිගේ මට ද ඔහේ එන්න හිතෙන්නේ

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ

ලලලල ලා ලා ලලලල ලා
ලලලල ලා ලා ලලලල ලා
ලලලල ලා ලා ලලලල ලා

දේව ලොවේ ලස්සණ දේ නේද තියෙන්නේ
තාම හඳේ මැද්දෙ ද සුදු හාව නිදන්නේ
පුංචි ළමුන් එක්කද ඌ සෙල්ලමෙ යන්නේ
නූල දිගේ මට ද ඔහේ එන්න හිතෙන්නේ

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment