Saman Kule Surangana Song Lyrics - සමන් කුළේ සුරංගනා ගීතයේ පද පෙළ

Saman Kule Surangana Song Lyrics - සමන් කුළේ සුරංගනා ගීතයේ පද පෙළ
Song Title : Saman Kule Surangana (සමන් කුළේ සුරංගනා)
ගායනය : සුජාතා අත්තනායක
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ඇම්. කේ. රොක්සාමි
1968 දී තිරගතවූ සිඟිති සුරතල් චිත්‍රපටියේ ගීයකි.


සමන් කුළේ සුරංගනා ලොවේ කුමාරියෝ
පුතා දිහා හොරෙන් බලා පවන් සලා ගියෝ //

සඳ දෙවියනි සඳේ
හිරු දෙවියනි උදේ
පොඩි පුතු පින් ඇති
රැක දෙනු මැන නිතී

සමන් කුළේ සුරංගනා ලොවේ කුමාරියෝ
පුතා දිහා හොරෙන් බලා පවන් සලා ගියෝ

මගෙ රන්කඳ බය වෙතියි කියා
සුළඟද හෙමිහිට හමා ගියා //
සමනල්ලු ද මලෙකැයි රැවටී
පුතු ළඟ ඇත දැවටී
පුතු ළඟ ඇත දැවටී

සමන් කුළේ සුරංගනා ලොවේ කුමාරියෝ
පුතා දිහා හොරෙන් බලා පවන් සලා ගියෝ

කුරුළු පැටව් කිචි බිචි ගා මෙහෙම කියන්නේ
පුතා වාගෙ දරුවන්ගෙනි රටක් හැදෙන්නේ //
බොළඳ ළපටි ඔය දෑතේ
බොළඳ ළපටි ඔය දෑතේ
ඇත පුතේ ජාතියේ අනාගතේ

සමන් කුළේ සුරංගනා ලොවේ කුමාරියෝ
පුතා දිහා හොරෙන් බලා පවන් සලා ගියෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment