Saman Kakulu Athurala Song Lyrics - සමන් කැකුළු අතුරලා ගීතයේ පද පෙළ

Saman Kakulu Athurala Song Lyrics - සමන් කැකුළු අතුරලා ගීතයේ පද පෙළ
Song Title : Saman Kakulu Athurala (සමන් කැකුළු අතුරලා)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : රත්නසේන ඩයස්
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය


සමන් කැකුළු අතුරලා
දිවියෙ යහන සරසලා
සැපත මගේ දියුණු කළේ
බිරිඳ වේ මගේ
සුරබිදෙන වගේ

ලොවේ සියළු මිහිරි දේ
කැටි කොට මැව්වා වගේ

ඇගේ සුගුණ සාගරේ
මම කිමිදෙමි නිරතුරේ //

සමන් කැකුළු අතුරලා
දිවියෙ යහන සරසලා
සැපත මගේ දියුණු කළේ
බිරිඳ වේ මගේ
සුරබිදෙන වගේ

අනුන් වැරදි නොසොයනා
දරු පැටවුන් රැක බලා

මහද නිතිනි සනසලා
ජීවිතෙ මගෙ සරු කළා //

සමන් කැකුළු අතුරලා
දිවියෙ යහන සරසලා
සැපත මගේ දියුණු කළේ
බිරිඳ වේ මගේ
සුරබිදෙන වගේ

ගුණබර පෙම්බර ඇගේ
සොමිබර පැහැබර මුවේ

නික්මෙන ඉමිහිරි නදේ
කන්කළු ගීයකි අගේ //

සමන් කැකුළු අතුරලා
දිවියෙ යහන සරසලා
සැපත මගේ දියුණු කළේ
බිරිඳ වේ මගේ
සුරබිදෙන වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment