රුලං කේක් හදමු (Rulan Cake Hadamu)

රුලං කේක් හදමු (Rulan Cake Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 💚 රුලං කෝප්ප 1 ක්
  • 💚 කුඩුකරගත් සීනි කෝප්ප 1/2ක්
  • 💚 ඔයිල් කෝප්ප 1/4 ක්
  • 💚 කිරි කෝප්ප 1/2 ක්
  • 💚 මුදවපු කිරි හෝ යෝගට් කෝප්ප 1/2 ක්
  • 💚 පාන්පිටි කෝප්ප 1/2 ක්
  • 💚 බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
  • 💚 බේකින් සෝඩා තේ හැඳි 1/2 ක්
  • 💚 ලුණු තේ හැඳි 1/4 ක්
  • 💚 වැනිලා තේ හැඳි 1 ක්
  • 💚 තව කිරි කෝප්ප 1/4 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🧡 භාජනයක් ගෙන එයට කිරි හෝ යෝගට් දමා හොඳින් බීට් කර ගන්න.
  2. 🧡 එයට කුඩු කරගත් සීනි, ලුණු සහ ඔයිල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  3. 🧡 දැන් රුලං එකතු කරන්න ,මිශ්‍ර කරන්න . එයට කිරි කෝප්ප 1/2 එකතු කර හොඳින් මිශ්‍ර කර විනාඩි 20 ක් වසා තබන්න.
  4. 🧡 පසුව බේකින් පවුඩර් ,බේකින් සෝඩා සහ හලාගත් පාන්පිටි රුලං මිශ්‍රණය ට එකතු කර මිශ්‍ර කරන්න .එයට කිරි කෝප්ප 1/4 සහ වැනිලා  එකතු කර නැවත හොඳින් මිශ්‍ර කර ගන්න.
  5. 🧡 දැන් බේකින් පේපර් එකක් දැමූ තැටියක මේ මිශ්‍රණය දමා, 180 °C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 30, 35 ක් පමණ බේක් කර ගන්න. ඔයාලට පුළුවන් මේක ඔයාලා ලඟ තියන පැතලි තැටියක බේක් කර ගන්න.

මේක ඇත්තටම ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් රසවත් කේක් එකක් , ඉතිං ඔයාලත් හදලා රස බලන්නකෝ 😍 

සැකසුම :© නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
රුලං කේක් හදමු (Rulan Cake Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment