Premayen Song Lyrics - ප්‍රේමයෙන් ගීතයේ පද පෙළ

Premayen Song Lyrics - ප්‍රේමයෙන් ගීතයේ පද පෙළ
Song Title : Premayen (ප්‍රේමයෙන්)
ARTIST : Keshan Shashindra / Kaushadi De Silva / Kalpana Shehani Fernando
MELODY : Sadeeptha Gunawardhana
LYRICS : Shehani Nilusha 
RECORDED BY Lucky Lakmina Agalawatte / Rihan Fernando
MIXED & MASTERED : Pasan Liyanage
DIRECTOR & CINEMATOGRAPHY : Rangana S. Bandaran(RANGA SB)
EDITOR / COLORIST & VFX : Shanaka Nimesh Perera
MAKEUP : SALON D. Jean Mark 
CREW : Pasindu Umayanga / Sajina Sahabeen / Heshani Karunathilake / K.I. Dewmina Pesala Shanaya Wijithunge
LOCATION : " HIDE OUT " Thalawathugoda (MR. Sanjeewa)
SPECIAL THANKS : Prof. Kusuma Karunarathne / Dinesh Tharanga / Lasitha Gunawardana / Sanjeewa Wijethunga / K.I.Gayan Kosala / Chethana Shamilka / Chithra Nalani Peris / Nirmala De Silva / Chintha Rodrigo / Didula Bogahakubura / Lakshan SG / Ganesh Baddage


එපා යලි පායන්න
අඩ සඳක් වී ඉන්න
සියොළඟම දැවෙනවා ප්‍රේමයෙන්
එපා අඩ සඳ වෙන්න
පුරා හඳ වී ඉන්න
නිවෙන්නට දැවෙන හද ප්‍රේමයෙන්
අමාවක වී දැවෙමී
සැඟව යන්නට පතමී
පුරත් බැරි අවත් බැරි ප්‍රේමයෙන්

සංසාර සිහිනයම දැවී අළු වී ගිහින්
කුළුදුලේ පිපුණු මල ප්‍රේමයෙන්
රන් හුයෙන් බැඳි දෙ අතෙ වත් කළේ කඳුලක්ද 
කෙණ්ඩියද පළුදු වූ ප්‍රේමයෙන්
ගල් ගැසී හිමව්වක
උණුසුමක් සොයනා හද 
නුඹද හිමී ඇයද හිමි ප්‍රේමයෙන්

එපා යලි පායන්න
අඩ සඳක් වී ඉන්න
සියොළඟම දැවෙනවා ප්‍රේමයෙන්
 එපා අඩ සඳ වෙන්න
පුරා හඳ වී ඉන්න
නිවෙන්නට දැවෙන හද ප්‍රේමයෙන්

පින්සාර සුවඳක්ව රැඳී ගිලිහී ගිහින්
අහිමි වී හෙටක් යළි ප්‍රේමයෙන්
කිරි සිනහා මැවු පැතුම සිහිනයේ මියැදෙයිද
අකල් වැසි ඇද හැලී ප්‍රේමයෙන්
ජීවිතේ පහන් කළ
වසන්තය ගෙනෙනා ඉම
ඉර ද නුඹ සඳ ද ඇය ප්‍රේමයෙන්

මඟක් ආ නිසා බැඳි  ප්‍රේමයෙන්
දුරක් ගිය නිසා විඳි ප්‍රේමයෙන්
සමාවක් පතන්නද ප්‍රේමයෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment