Muthu Kata Watena Song Lyrics - මුතු කැට වැටෙනා ගීතයේ පද පෙළ

Muthu Kata Watena Song Lyrics - මුතු කැට වැටෙනා ගීතයේ පද පෙළ
Song Title : Muthu Kata Watena (මුතු කැට වැටෙනා)
ගායනය : රූකාන්ත ගුණතිලක
ගී පද : සරත් වික්‍රම
සංගීතය : මහින්ද කේ ප්‍රේමසිරි


මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ
රෑ… මුහුණු වසාගෙන
කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ
රෑ… ඈත බලාගෙන
කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment