Meka Maha Puduma Ratak Song Lyrics - මේක මහ පුදුම රටක් ගීතයේ පද පෙළ

Meka Maha Puduma Ratak Song Lyrics - මේක මහ පුදුම රටක් ගීතයේ පද පෙළ
Song Title : Meka Maha Puduma Ratak (මේක මහ පුදුම රටක්)
ගායනය : බන්දුල විජේවීර
පද රචනය : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


මේක මහ පුදුම රටක් වී දෝ
මේක මහ පුදුම රටක් වී දෝ
බඩගින්නට බත් දුන් අත හපා කනවලූ
නැගිටින්නට වෙර දුන් අත විකා කනවලූ
මේක මහ පුදුම රටක් වී දෝ
කොඳුනාරටි කඩා වැටුණ
මේක මහ පුදුම රටක් වී දෝ

මව් පියන් ට නවතින්නට මඩම් හදා අගු පිල් වල
කිරි දරුවන් විකුණන් කන කඩ දානව තැන් තැන් වල
මේක මහ පුදුම රටක් වී දෝ
මනුස්සකම හඬා වැටෙන
මේක මහ පුදුම රටක් වී දෝ

ජාතක පොත නවගුණ වැල කරපින්නා ගෙන උර මත
රට මැද්දේ බෝසත්වරු දිය ඉල්ලති හිඳ පිල මත
මේක මහ පුදුම රටක් වී දෝ
බෝසත්කම හඬා වැටෙන
මේක මහ පුදුම රටක් වී දෝ
බඩගින්නට බත් දුන් අත හපා කනවලූ
නැගිටින්නට වෙර දුන් අත විකා කනවලූ
මේක මහ පුදුම රටක් වී දෝ
කොඳුනාරටි කඩා වැටුණ
මේක මහ පුදුම රටක් වී දෝ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment