Meda Pote Wade Hari Song Lyrics - මෙදා පොටේ වැඩේ හරී ගීතයේ පද පෙළ

Meda Pote Wade Hari Song Lyrics - මෙදා පොටේ වැඩේ හරී ගීතයේ පද පෙළ
Song Title : Meda Pote Wade Hari (මෙදා පොටේ වැඩේ හරී)
ගායනය : සීතා නානායක්කාර සමග මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
තනුව : හින්දි හෝ ද්‍රවිඪ ගීයකිනි.
සංගීතය : එස්.එස්. වේදා
1956 දී තිරගතවූ ඩිංගිරි මැණිකා චිත්‍රපටියේ ගීයකි


මෙදා පොටේ වැඩේ හරී කාලෙ හොඳා
හා හා සොයාපු දේ සම්බ වුණා කාලෙ හොඳා
හා හා මෙදා පොටේ වැඩේ හරී කාලෙ හොඳා

රටේ තොටේ ගමේ ගොඩේ කඩේ පිලේ සොයා ගියා //
සොයාපු දේ සම්බ වුණා කාලෙ හොඳා
හා හා සොයාපු දේ සම්බ වුණා කාලෙ හොඳා

දසාව සිකුරාගේ පිරේ කාසි පොදි මේසේ //
කදීම ධන රේඛා
කදීම ධන රේඛා වැටී තිබේ මගේ අල්ලෙ
සාස්තරේ හරී වගේ කාලෙ හොඳා
හා හා සොයාපු දේ සම්බ වුණා කාලෙ හොඳා

වහාම හරියාලූ හිතේ මගේ තිබෙනා දේ //
බලාලා මට කිව්වා
බලාලා මට කිව්වා කේන්දරේ ගුරුන්නාන්සෙ
සොයාපු දේ සම්බ වුණා කාලෙ හොඳා
හා හා මෙදා පොටේ වැඩේ හරී කාලෙ හොඳා

තක්කිට තරිකිට දොමිකිට තරිකිට
නූලට කැපෙනා දෙන්නා

තක්කිට තරිකිට දොමිකිට තරිකිට
නූලට කැපෙනව දෙන්නා
වීදුරුවයි බෝතලයයි වාගේ
යාලු වෙලා ඉමූ අපී
මාගෙ පණා ජෝඩු වුණා කාලෙ හොඳා
හා හා මාගෙ පණා ජෝඩු වුණා කාලෙ හොඳා

උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක ඕනැම ජාති ලැබේවී //
දෑත පුරා මරු වළලු වැටේවී
කාලෙ ළඟයි බලා ඉම්මු
සොයාපු දේ සම්බ වුණා කාලෙ හොඳා
හා හා මෙදා පොටේ වැඩේ හරී කාලෙ හොඳා

මගේ කාලෙ හොඳයි
නෑ නෑ මගේ කාලෙ හොඳයි
හරි හරී අපේ කාලෙ හොඳයි
හහ් හහ් හහ් හ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment