Ran Guwane Song Lyrics - රන් ගුවනේ ගීතයේ පද පෙළ

Ran Guwane Song Lyrics - රන් ගුවනේ ගීතයේ පද පෙළ
Song Title : Ran Guwane (රන් ගුවනේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ
රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ
රන් දෙරණේ සහනය සදා දුන්
සුදු පියාණනේ සුදු පියාණනේ

ඔබේ සිරුරේ ලේ බිඳු දහදිය බිඳු වී
ගලා ගියේ ලොව දිවා රෑ
දුක වෙහෙස දැරූ සැප සතුට හුරු
බුදු පියාණනේ බුදු පියාණනේ

දූ පුතුනගේ යහපත පවුලේ හිත සුව වෙනුවෙන්
ඔබේ දිවි කැප කෙරුවේ
සිප් සතර පුදා යහමඟ පුබුදා
මගේ පියාණනේ මගේ පියාණනේ

දෙව් ලෝකයේ අධිපති සක් දෙවිඳුන් සේ
අප නිවසේ ඔබ වැඩ සිටියේ
සිතු පතු සැමදේ ජයබිම සැදු වේ
බුදු පියාණනේ බුදු පියාණනේ

රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment