Soduru Seethala Yame Song Lyrics - සොදුරු සීතල යාමේ ගීතයේ පද පෙළ

Soduru Seethala Yame Song Lyrics - සොදුරු සීතල යාමේ ගීතයේ පද පෙළ
Song Title : Soduru Seethala Yame (සොදුරු සීතල යාමේ)
ගායනය : සචින් සහ රඛිත වේලන්ගොඩ
පද රචනය :
සංගීතය : එරංග ජයවංශ


සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ..
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ...
දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ...
සුළගෙ අප දැවටීලා පියනගමු ලගටම වී...

හදගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ..
හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුම වී..
ඇස්පියන් මත දැවටී යන්නෙපා ඔබ වෙන්වී..
ඔබෙ සුවඳ මා දිවියේ හුස්මෙසේ ඇත ලංවී..

සොදුරු සීතල යාමේ...

අම්බරේ රන්ගිරසේ මගෙ ලොවේ පෑයූවේ..
මල් සුවද පරදවලා සුවඳ ඔබමයි මාගේ..
තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ..
ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇතිතෙක් මාගේ.

දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ...
සුළගෙ අප දැවටීලා පියනගමු ලගටම වී...
සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ..
උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ...

නෙතු ඉමේ පායාලා ඉන්න රන් තරුව සේ..
සිත් හැගුම් පුබුදාලා ලංවෙමුද මේ යාමේ..
දේදුන්න වෙත පියඹා පාට තවරා සිහිනේ..
ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment