Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ

Oba Nisa Song Lyrics - ඔබ නිසා ගීතයේ පද පෙළ
Song Title : Oba Nisa (ඔබ නිසා)
ගායනය : භාතිය සහ සන්තුෂ්


මම ඔබ නිසා ඔබ නිසා
මම ඔබ නිසා ඔබ නිසා

ඔබ මා නිසා හැමදා ලගින් සිටියා
මම ඒ නිසා ඔබ හා හදින් බැඳුනා
සිනහා වෙවී හැමදේම පුද කෙරුවා
යහමග කියාදී ජීවිතේම හැදුචා

ඔබ මා පතා රතු ලේ කිරට හරවා
මට දුන් නිසා සෙනෙහෙන් තුරුල් කර මා
සිප සනසලා දිවා රැ දෙක නොබලා
කැප වූ නිසා නොසැලී හිඳිමි ඔබ හා

මම ඔබ නිසා මගෙ ලොකේ දිනුවා
ඔබ නිසා ඒ අරුමෙ දුටුවා
ඔබ නිසා හැමදේම ලැබුවා
ඔබ නිසා
මම ඔබ නිසා ලොවේ නම තැබුවා
ඔබ නිසා හඳින් හද බැඳුනා
ඔබ නිසා හැමදාම රැඳුනා
ඔබ නිසා
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා

ඔබ මා නිසා පණ සේ මා වෙත බැඳුනා
කඳුලැල් දරා ඔබෙ සතුට කැප කෙරුවා
මා හා බැඳී මගෙ සිහින සැබෑ කෙරුවා
ලඟ ඇති තූරා මගෙ දිවිය ඔබයි සැමදා

මම ඔබ නිසා මගෙ ලොකේ දිනුවා
ඔබ නිසා ඒ අරුමෙ දුටුවා
ඔබ නිසා හැමදේම ලැබුවා
ඔබ නිසා
මම ඔබ නිසා ලොවේ නම තැබුවා
ඔබ නිසා හඳින් හද බැඳුනා
ඔබ නිසා හැමදාම රැඳුනා
ඔබ නිසා
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා

සීත සුළඟක් වගේ ගත වෙලා
මා පතා රකින පවුරක් වෙලා
ලොවම පිනවන්න ඉඩ දුන්න හින්දාම
මේ දුර ගියේ ඔබ නිසා

මම ඔබ නිසා මගෙ ලොකේ දිනුවා
ඔබ නිසා ඒ අරුමෙ දුටුවා
ඔබ නිසා හැමදේම ලැබුවා
ඔබ නිසා
මම ඔබ නිසා ලොවේ නම තැබුවා
ඔබ නිසා හඳින් හද බැඳුනා
ඔබ නිසා හැමදාම රැඳුනා
ඔබ නිසා
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment