Nihanda Sith Manaye Song Lyrics - නිහඩ සිත් මානයේ ගීතයේ පද පෙළ

Nihanda Sith Manaye Song Lyrics - නිහඩ සිත් මානයේ ගීතයේ පද පෙළ
Song Title : Nihanda Sith Manaye (නිහඩ සිත් මානයේ)
ගායනය : චාමර වීරසිංහ


නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
නිබඳ සන්තෝසයක් ගෙනා සොඳුරු සෙව්වන්දියේ
මොකද දඟකාර මේ තරම් නැතිද ඉස්පාසුවක්
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්

ආදරේ රස මදිරා
ඔහේ දෝරේ ගියාවේ උතුරා
මං තාම කෝඩුකමින් මිරිකී
හිතට හීලෑ නැති හැගුම් කිති කැවි කැවී

නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්

ආකහේ විහගෙක් සේ
සිත ඈත ගියාවේ පියඹා
ඔබ වින්ද පෙම් රැහැනෙන් පටලා
හිත නිස්කාරණේ හීනයක් අැදුවේ

නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
නිබඳ සන්තෝසයක් ගෙනා සොඳුරු සෙව්වන්දියේ
මොකද දඟකාර මේ තරම් නැතිද ඉස්පාසුවක්
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment