Master Sir Song Lyrics - මාස්ටර් සර් ගීතයේ පද පෙළ

Master Sir Song Lyrics - මාස්ටර් සර් ගීතයේ පද පෙළ
Song Title : Master Sir (මාස්ටර් සර්)
ගායනය : භාතිය සහ සන්තුෂ්


පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ

මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න
අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරගෙ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ
එදා දවස උදා වේවිදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment