Hadu Song Lyrics - හාදු ගීතයේ පද පෙළ

Hadu Song Lyrics - හාදු ගීතයේ පද පෙළ
Song Title : Hadu (හාදු)
Artiste : Shehan Kaushalya ft. Smokio 
Composed by Chamitha Cooray
Music Produced  & Mixed by Chamitha Cooray @ Saregama Music LK
Lyrics : Manuranga Wijesekara
Rap Lyrics : Smokio 
Mastered by MK Mastering 
Directed by Sandesh Bandara
Production : SGM Records
Copyright & Distribution SGM Records 


සින්න වූ එක හාදුවක්
තියන් හිටියා කල්පයක්
සසරේ හමු වෙමු තව දිනක්
යළිත් දෙන්නට හාදුවක්
සරා සඳ ඇති තව රැයක්
ලංව ඉන්නට මට දිනක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑලු
හීන ඇත්ත වෙන්න බෑලු
වෙන්න බෑලු
වෙන්න බෑලු

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑලු
හීන ඇත්ත වෙන්න බෑලු
වෙන්න බෑලු
වෙන්න බෑලු

It’s your boy Smokio baby
Smoka, Smoka, Smoka, Smoka
ඒයි,ඒයි,ඒයි
හීන සිනමා හලේ දී හීන මැව් දිව්‍යාංගනාවි
රාත්‍රී කාල රාග ගින්නෙන් දැවුණු විලාසිතාවී
තීව්‍ර වී ඇසේවී තවමත් ඒ ගැයූ ගී රහසින්
ආදරෙන් තෙමන්න මා දෙතොල්
මැවුණේ මා නිසා නම්
මා නිසාමයි නේද දුන්නෙ ප්‍රේම හාදු
විශ්වාසයි නේද ආදරේ මං හිත පුරා ගෙනාපු
ස්වර්ණමාලියේ මකන්න දෙන්න ඔය පාළුව
ඔය තොල් හොයන්නේ තොල් දෙකක් තවත් වෙන්න යාළු
හීනයක්ම යැයි කියාලා පිළිගන්නෑ මේ හිත තාමත්
චිත්ත රූප සනසාවි මනස දෑස පියවාලා
හෘදෙහී ගලාවි ආදරේහි දිය දහරා
තෙමුනොත් ඒ දියෙන් ක්ෂේම භූමියක් වෙයි සහරා

නුරා නෙතු රැඳි මාවතේ
යලිත් ඒන්නට බැරි දුරක්
සිනාසෙන නෙතු හැමවෙලේ
නුඹව හෙව්වා හැම දිනක්
කඩා හැලෙනා තව හිතක්
රැගෙන යන්න ද මම දුරක්
නුඹේ තොල්වල පාළුවක්
දුටු විට දෙන්නෙමි හාදුවක්

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑලු
හීන ඇත්ත වෙන්න බෑලු
වෙන්න බෑලු
වෙන්න බෑලු

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑලු
හීන ඇත්ත වෙන්න බෑලු
වෙන්න බෑලු
වෙන්න බෑලු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment