Gala Suwanda Rasa Adun Song Lyrics - ගාලා සුවඳ රස අඳුන් ගීතයේ පද පෙළ

Gala Suwanda Rasa Adun Song Lyrics - ගාලා සුවඳ රස අඳුන් ගීතයේ පද පෙළ
Song Title : Gala Suwanda Rasa Adun (ගාලා සුවඳ රස අඳුන්)
ගායනය : ත්‍රී සිස්ටර්ස්
පද රචනය : මහගම සේකර
තනුව හා සංගීතය : සෝමදාස ඇල්විටිගල
"සිහින ලොවක්" චිත්‍රපටිය (1972) සඳහා ගායනා කරන ලදී.


ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතෙන්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන් //

මල් පිපී සතර දිගන්තේ
රොන් සලා නැගෙන වසන්තේ //

ඇල් පවන් ඒ හමා
සිත් සතන් ගිමන් නිවා //

ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතෙන්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන්

රත් දෙතොල් නුරා පිරී
රන් ළඳුන් සිනා සිසී //

ජීවිතේ අරුත මේ යැයි කියා
නිල් ඇසින් වහස් බැලුම් නැඟේ //

ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතෙන්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන් //
සැමදාම සන්තෝසයෙන් /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment