Jiwithaye Hodama Hariya Song Lyrics - ජීවිතයේ හොදම හරිය ගීතයේ පද පෙළ

Jiwithaye Hodama Hariya Song Lyrics - ජීවිතයේ හොදම හරිය ගීතයේ පද පෙළ
Song Title : Jiwithaye Hodama Hariya (ජීවිතයේ හොදම හරිය)
ගායනය : චාමර වීරසිංහ
සංගීතය : රොෂාන් ප්‍රනාන්දු
පද රචනය : සත්‍යජිත් ලක්මාල්


ජීවිතයේ හොදම හරිය
අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත්
සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගනන්
මග බලාන ඉද්දී
නුඹට සැපක් දෝ
මේ ඇස් කදුලින් තෙත් වෙද්දී

මල් නටුවට පිණිබිදුවක්
බර වැඩි නැති හින්දා
මල් රේනුව හිස නමාන
මේ ලෝකෙට වැන්දා
හින පොකුරු හිත පුරෝනා
අපි කසාද බැන්දා
මංගල රෑ එලිවෙනතුරු
නුඹ සමාව යැද්දා

ජීවිතයේ හොදම හරිය
අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත්
සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගනන්
මග බලාන ඉද්දී
නුඹට සැපක් දෝ
මේ ඇස් කදුලින් තෙත් වෙද්දී

මුළු ලෝකෙට හොද මූනක්
පෙන්නන්නට හන්දා
ඔබ වෙනුවෙන් මේ වෙනතුරු
අපමණ දුක් වින්දා
තව දුරටත් ඒ ගැන නම්
කියන්න බැරි හන්දා
ගැනියකට සමාව දී
රැවටුනාද මන්දා

ජීවිතයේ හොදම හරිය
අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත්
සෙවනක් නැති වෙද්දී
විරිත්තන්ඩ දහස් ගනන්
මග බලාන ඉද්දී
නුඹට සැපක් දෝ
මේ ඇස් කදුලින් තෙත් වෙද්දී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment