Ira Sanda Wadala Song Lyrics - ඉර සඳ වැඳලා ගීතයේ පද පෙළ

Ira Sanda Wadala Song Lyrics - ඉර සඳ වැඳලා ගීතයේ පද පෙළ
Song Title : Ira Sanda Wadala (ඉර සඳ වැඳලා)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීත අධ්‍යක්ෂණය : සරත් දසනායක
1975 දී තිරගත වූ "සංගීතා" චිත්‍රපටියේ ගීයකි.


ආදරේ
ආදරේ
ආදරේ ....

ඉර සඳ වැඳලා
නෙත් දෙක ඇරලා
අත ඔ‍බෙ නළලේ තියා
හදවත සපුරා
පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා

මගේ සිත සැනසී
සැක බිය වැනසී
ගණදුර පහව ගියා
මම ඔබ අඳුනා
පිළිගමි ඉඳුරා
මට ආදරෙයි කියා

සතර දිගන්තේ
සොඳුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමි
ඇසිපිය නොහැරා
දෙනෙතෙහි සතපා
ඔබේ රුව මම රකිමි

ඉර සඳ වැඳලා
නෙත් දෙක ඇරලා
අත ඔ‍බෙ නළලේ තියා
හදවත සපුරා
පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා

මගේ සිත සැනසී
සැක බිය වැනසී
ගණදුර පහව ගියා
මම ඔබ අඳුනා
පිළිගමි ඉඳුරා
මට ආදරෙයි කියා

මුළු ලොව මත්තේ
මගේ යයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ
ඔබ මා ළඟ නම්
ජිවිතයට වෙන
කිසිවක් හිඟ නැත්තේ

ඉර සඳ වැඳලා
නෙත් දෙක ඇරලා
අත ඔ‍බෙ නළලේ තියා
හදවත සපුරා
පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා

මගේ සිත සැනසී
සැක බිය වැනසී
ගණදුර පහව ගියා
මම ඔබ අඳුනා
පිළිගමි ඉඳුරා
මට ආදරෙයි කියා

හා.. හා හා හා....
හෝ.. හෝ හෝ හෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment