Adara Samarum Kati Woo Song Lyrics - ආදර සැමරුම් කැටි වූ ගීතයේ පද පෙළ

Adara Samarum Kati Woo Song Lyrics - ආදර සැමරුම් කැටි වූ ගීතයේ පද පෙළ
Song Title : Adara Samarum Kati Woo (ආදර සැමරුම් කැටි වූ)
ගායනය : සනත් නන්දසිරි
සංගීතය : සනත් නන්දසිරි
ගී පද : අජන්තා රණසිංහ


ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ //
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම් //
යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ //
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා //
මැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවා
සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ //
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
හෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේ

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ
යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment