Wiyali Giya Dethane Natha Song Lyrics - වියළී ගිය දෙතනේ නැත ගීතයේ පද පෙළ

Wiyali Giya Dethane Natha Song Lyrics - වියළී ගිය දෙතනේ නැත ගීතයේ පද පෙළ

Wiyali Giya Dethane Natha Song Lyrics - වියළී ගිය දෙතනේ නැත ගීතයේ පද පෙළ
Song Title : Wiyali Giya Dethane Natha (වියළී ගිය දෙතනේ නැත)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ මාලිනී බුලත්සිංහල
පද රචනය : දයාසේන ගුණසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


වියළී ගිය දෙතනේ නැත
කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුළේ නැත
සුව යහනක් සැදුණේ
කප පවතින තුරු නොනිමෙන
සුසුමෙන් සමු ගැනුණේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ
මඟ අයිනක රැඳුණේ

උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැව් නැඟිලා දුරු රටකට යන්න දුවේ

පෙර කළ මහ පින් මහිමෙනි
මේ දෙස උපදින්නේ
ඉපදෙණු මිස රැඳෙනා පින
ඇයි නුඹ සතු නූනේ
දරුවන් ඇස කඳුළින් හද උණුවන මිනිසුන්නේ
සරණින් ලොව කොතැනක හෝ
සැනහෙන් දියණියනේ

මතු යම් දිනෙක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතෙන් ලොව විමසා බලන සඳ
කඳුළක හැඩය මහ සයුරේ දකීවිද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment