Wasi Diya Maha Bima Themuwata Song Lyrics - වැසි දිය මහ බිම තෙමුවට ගීතයේ පද පෙළ

Song Title : Wasi Diya Maha Bima Themuwata (වැසි දිය මහ බිම තෙමුවට)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : නුවන් ලියනගේ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


වැසි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නෙ වැහි විතර ද
රෑ අහසේ තරු තිබුණට
තරු තියෙන්නෙ රෑ විතර ද
විහඟුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නෙ උන් විතර ද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නෙ මං විතර ද

රෝස පතක කවි ලීවේ
සුවඳ දිදී තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනකදී ඇහෙන්න

මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනකදී ඇහෙන්න

රෑ අහසේ තරු තිබුණට
තරු තියෙන්නෙ රෑ විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නෙ මං විතර ද

උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න

අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න

වැසි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නෙ වැහි විතර ද
රෑ අහසේ තරු තිබුණට
තරු තියෙන්නෙ රෑ විතර ද
විහඟුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නෙ උන් විතර ද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නෙ මං විතර ද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment