Oba Eda Nam Sanda Wagemayi Song Lyrics - ඔබ එදා නම් සඳ වගේමැයි ගීතයේ පද පෙළ

Oba Eda Nam Sanda Wagemayi Song Lyrics - ඔබ එදා නම් සඳ වගේමැයි ගීතයේ පද පෙළ
Song Title : Oba Eda Nam Sanda Wagemayi (ඔබ එදා නම් සඳ වගේමැයි)
ගායනය : අමරසිරි පීරිස් සහ දිල්රුක්ෂි ජයකොඩි
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි

නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම් //
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්

ඔබ එදා නම් සඳ වගේමැයි

පි‍ටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුනේ ඇයි රස මැවූ //
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ

ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි

ඔබ එදා නම් සඳ වගේමැයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment