Mage Ratata Dalada Himi Saranayi Song Lyrics - මගේ රටට දළදා හිමි සරණයි ගීතයේ පද පෙළ

Mage Ratata Dalada Himi Saranayi Song Lyrics - මගේ රටට දළදා හිමි සරණයි ගීතයේ පද පෙළ
Song Title : Mage Ratata Dalada Himi Saranayi (මගේ රටට දළදා හිමි සරණයි)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි //

දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ //
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදී එයි //

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මෙතැනම වී දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බිය සංඛා දුරු කෙරුනේ //
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා //

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment