Kandulak Metharam Song Lyrics - කඳුලක් මෙතරම් ගීතයේ පද පෙළ

Kandulak Metharam Song Lyrics - කඳුලක් මෙතරම් ගීතයේ පද පෙළ
Song Title : Kandulak Metharam (කඳුලක් මෙතරම්)
ගායනය : අජිත් බණ්ඩාර


කඳුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්

සිත මත පොපියන සීතල සිතුවිලි
එකිනෙක අහුලා දෝත දරන්
උදැසනක් සේ මා හමුවන්නට
දුවගෙන එනවද සිනා අරන්

කඳුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්

කාලය ඉගිලී මතකය අරගෙන
ඈත ගියොත් අප අපට හොරා
සිත් අසපුව ලග නුඹේ සුවඳ පොද
තියා යන්න යලි එන්න සිතා

කඳුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්
ඈතට නොගොසින් අතේ දුරින්
හිඳින්න සිත ලඟ සිනා සරින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment