තාමත් රා පොලට එන චුට්ටෙගේ ආත්මය (Chutte)

තාමත් රා පොලට එන චුට්ටෙගේ ආත්මය (Chutte) - Your Choice Way

මේක මගෙ අම්මගෙ තාත්තට ඒ කියන්නෙ අත්තට උන සිද්ධියක්...පොඩි කාලෙ ගමේ ගියාම රෑ වෙනකොට අත්තගෙ පැදුරට පැනල අත්තට තුරුල් වෙන්නෙ ගමේදි අම්ම තාත්ත ගාව නැති ආරක්ශාවක් අත්ත ගාව තිබුණු නිසා වෙන්නැති.රතු අය්ය කිව්වම නොදන්න කෙනෙක් නෑ,ගමේ කට්ටිය හරි ආදරෙයි අත්තට. අත්ත රා අරක්කු වලට ප්‍රිය තාවයක් තිබුණු කෙනෙක්. හැමදාම රා කට්ටක් දෙකක් දාගත්තෙ නැත්තන් ඒ අපෙ අත්ත නෙවෙයි.

අපේ අත්තට ඉදල තියෙනව චුට්ටෙ කියල යාලුවෙක්. රා පොලට යන්නෙත් දෙන්න එකටමලු.,හවස් යාමෙට හොදට සප්පායම් වෙලා අත්තගෙ බයිසිකලේත් තල්ලුකරන් වැනි වැනී එන යාලුවො දෙන්න නම් ගමේ ඈයොන්ට සුලබ දසුනක්...

කවදාවත් කවුරුත් නොහිතපු විදියට චුට්ටෙ වහබීල තියෙනව,අත්ත කියන විදියට චුට්ටෙ හැම වෙලේම විහිලුවක් කරගෙන සතුටින් හිනා වෙලා හිටපු කෙනෙක්, අත්ත දැනුවත්ව සිය දිවි හානි කරගන්න තරම් චුට්ටෙට ප්‍රශ්න තිබිලත් නෑ...අත්ත දුවල පැනල චුට්ටෙගෙ මල ගෙදර වැඩ ටික කරල තියෙනව...හොදම යාලුවෙක්ගෙ නැති වීම් කාටත් එක වගේ දැනෙනවනෙ.

ඉතින් මළ ගෙදර වැඩ ඉවර වෙලා,දවසක් දෙකක් ගෙවිල ගියාට පස්සෙ අත්ත තනියම සයිකලේ පැදගෙන රා පොලට ගිහින් තියෙනව. රා බොන්න අත්තට හිත දීල නෑ.අත්ත සයිකලේ පැදගෙන ගෙදර එන්ඩ ආවලු.වෙනද නැති පාලුවකුත් එක්ක හවස් යාමෙ සයිකලේ පැදන් යන අත්තගෙ සයිකලේ බර හිටපු ගමන් වැඩි වෙලා...

කවුරු හරි කෙනෙක් බයිසිකලේ පිටිපස්සෙ වාඩි වෙනව අත්තට දැනිල ඒත් එක්කම ඇගේ පැත්තක් හිරි වැටුණලු...අත්ත ඒ බරත් දරාගෙනම සයිකලේ පැදගෙන ඇවිත්.වහ බීල මැරුනු චුට්ටෙ...චුට්ටෙ පිටිපස්සෙ වාඩි වෙලා ඉන්නව වගේ හැගීමක් අත්තට දැනිල.

අත්ත පිටිපස්ස හැරිල බලල නෑ,පුලුවන් තරම් වේගෙන් ගෙදර ඇවිත් චුට්ටෙගෙ ගේ පහුකරගෙන එනකොට අත්තට සයිකලේ බර එක පාරටම අඩු වුණා දැනුනලු.,හරියට ගේ ගාවින් චුට්ටෙ බැස්ස වගේ..

අත්ත ගෙදර ආපු ගමන් සයිකලේ අතෑරල ගෙට පැනල. එලි වෙනකොට සහලෝල උණලු.

පස්සෙ ගමේ තුන් හතර දෙනෙක්ටම මේ සිද්දිය වෙලා තියෙනව...

චුට්ටෙ වහ බීවෙ ඇයි කියන එක නම් අදටත් රහසක්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment