Api Santhosen Inne Song Lyrics - අපි සන්තෝසෙන් ඉන්නේ ගීතයේ පද පෙළ

Api Santhosen Inne Song Lyrics - අපි සන්තෝසෙන් ඉන්නේ ගීතයේ පද පෙළ

Api Santhosen Inne Song Lyrics - අපි සන්තෝසෙන් ඉන්නේ ගීතයේ පද පෙළ
Song Title : Api Santhosen Inne (අපි සන්තෝසෙන් ඉන්නේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමග එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර සහ ගුණරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි සමග ආර්. මුත්තුසාමි


ආආ ආ..... ආ....... ආ..........

අපි සන්තෝසෙන් ඉන්නේ

අපි සන්තෝසෙන් ඉන්නේ  
දුක සෝකය නෑ දන්නේ  
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

එක හැළියේ බත් කන්නේ  
එක සෙවණේ නිදියන්නේ  
අයියා මල්ලී වාගේ අයියා මල්ලී //

අපෙ හිත්වල නෑ ක්‍රෝධේ  
විහිළුවටයි විවාදේ
අනුනට නෑ ඔරවන්නේ  
අවිහිංසක ලෙස ඉන්නේ //

සැපතේ විපතේ වේවා  
එක් වී එකටම ආවා  
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

එක හැළියේ බත් කන්නේ  
එක සෙවණේ නිදියන්නේ  
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ  
දුක සෝකය නෑ දන්නේ  
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

සිංහල රජිඳෙකු පෙර දා  
මිතුදමේ අගය පාදා
තම හිතවත් කම පෙන්නා  
මහ ගිනි මැලයට පැන්නා //

දුක සැප දෙකේම වාසේ  
ඇඳි බිතු සිතුවම් රූ සේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

එක හැළියේ බත් කන්නේ  
එක සෙවණේ නිදියන්නේ  
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ  
දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

හැමදා උපදින වාරේ  
හමුවේවා සංසාරේ
කවදත් එකටයි ඉන්නේ  
කිසිවිට නෑ වෙන්වෙන්නේ //

ජීවිතේ මිහිර විඳිමු  
ප්‍රීතියෙන් ගීත ගයමු  
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

එක හැළියේ බත් කන්නේ  
එක සෙවණේ නිදියන්නේ  
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපි සන්තෝසෙන් ඉන්නේ  
දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment