Anuragini Song Lyrics - අනුරාගිනී ගීතයේ පද පෙළ

Anuragini Song Lyrics - අනුරාගිනී ගීතයේ පද පෙළ
Song Title : Anuragini (අනුරාගිනී)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
සංගීතය : රධීෂ් වන්දෙබොන
පද රචනය : ආරධනා ඒකනායක


අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්
ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්
වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ

ඈ නීල දෑසේ මා සෙව්ව සිහිනේ
කවදාක ආයේ හමුවෙන්නේ නෑනේ
කඳුලක් වුණාදෝ සුසුමක් වුණාදෝ
මගේ හීනේ සඳ රාජීණි
ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ

රෑ සීත යාමේ ඈ මා ළඟින්
දැවටිලා පෑවේ ආදර හැඟුම්
වරදක් වෙලාදෝ තරහා වෙලාදෝ
මගේ හීන සඳ මාලිනී
ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ

අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්
ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්
වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment