Thara Para Diga Song Lyrics - තාර පාර දිග ගීතයේ පද පෙළ

Thara Para Diga Song Lyrics - තාර පාර දිග ගීතයේ පද පෙළ
Song Title : Thara Para Diga (තාර පාර දිග)
ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල
පද : ප්‍රණීත් අභයසුන්දර
තනුව : ආනන්ද ගමගේ


තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ //

රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
කාසි තරඟයට සූදු කෙළිනවා
ජීවිතයේ රණබිමට වඩින්නට
මලේ නුඹට කලදවසක් එනවා

තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

බෝල ලොසින්ජර දිව රස කෙරුවත්
බඩ ගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඔ දිගු ගමන දුවන්නේ

තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment