Sansara Sagare Song Lyrics - සංසාර සාගරේ ගීතයේ පද පෙළ

Song Title : Sansara Sagare (සංසාර සාගරේ)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : සරත් දසනායක
ගී පද : සුනිල් ආරියරත්න


සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්
ඔබ නිසා පදවන්නෙමි

ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණූ දන්වන්න
නැංගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න

සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්
ඔබ නිසා පදවන්නෙමි //

වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන්මඟ - විඩාගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න - මා සමඟ එක්වන්න

සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්
ඔබ නිසා පදවන්නෙමි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment