Sadakalika Novu Loke Song Lyrics - සදාකාලික නොවූ ලෝකේ ගීතයේ පද පෙළ

Sadakalika Novu Loke Song Lyrics - සදාකාලික නොවූ ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Sadakalika Novu Loke (සදාකාලික නොවූ ලෝකේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : ආනන්ද අමරසිරි
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටයටත් 2005 දී “සුනිල් ගී 22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා //
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ //
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment