Oba Nathuwa Inna Bari Tharamata Song Lyrics - ඔබ නැතුව ඉන්න බැරි තරමට ගීතයේ පද පෙළ

Oba Nathuwa Inna Bari Tharamata Song Lyrics - ඔබ නැතුව ඉන්න බැරි තරමට ගීතයේ පද පෙළ
Song Title : Oba Nathuwa Inna Bari Tharamata (ඔබ නැතුව ඉන්න බැරි තරමට)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : සුජීව ප්‍රසන්නආරච්චි
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම //

මේ සීතල හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ //
පෙති මත සතපා
රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ //
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම //
ඔබේ සුවඳ මුසුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment