Nee Yaro Song Lyrics - නී යාරෝ ගීතයේ පද පෙළ

Nee Yaro Song Lyrics - නී යාරෝ ගීතයේ පද පෙළ

Nee Yaro Song Lyrics - නී යාරෝ ගීතයේ පද පෙළ
Song Title : Nee Yaro (නී යාරෝ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ සුනිල් එදිරිසිංහ
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
1995 වසරේදී එළි දැක්වුණු "කඳුළු තොටුපල" සංයුක්ත තැටියට ඇතුළත් විය.


නී යාරෝ නාන් යාරෝ //
ඇයි අපි ම නොදන්නේ
නුඹ මා කවුද කියා
කන්නීරිල් අදු නා නියෝ //
ඇයි කඳුළු වෙළෙන්නේ
දෑසේ දෑල වසා
නී යාරෝ නාන් යාරෝ

අඳුරු කඳවුරේ පොපියන කඳුළු කැටී
උනන සැණින් ළමැදේ ඇද වැටුණු හැටී

ආඬවනේ යුද ගිනි දුක මැද තනිවී
එකම කඳවුරේ දෙතැනක හිඳිමු රැඳී

නී යාරෝ නාන් යාරෝ //
ඇයි අපි ම නොදන්නේ
නුඹ මා කවුද කියා
කන්නීරිල් අදු නා නියෝ //
ඇයි කඳුළු වෙළෙන්නේ
දෑසේ දෑල වසා
නී යාරෝ නාන් යාරෝ

කයිල වන්නියෙන් ආවත් අරුන්දතී
අපල නපුර මිස සරණට කිසිත් නැතී

යකුන් ගැසූවෙන් ගේ ගම්දොර වැනසී
හතර වරිගයම ඔත්පල වුණා සකී

නී යාරෝ නාන් යාරෝ //
ඇයි අපි ම නොදන්නේ
නුඹ මා කවුද කියා
කන්නීරිල් අදු නා නියෝ //
ඇයි කඳුළු වෙළෙන්නේ
දෑසේ දෑල වසා
නී යාරෝ නාන් යාරෝ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment