Nathi Barikam (Amma) Song Lyrics - නැති බැරිකම් (අම්මා) ගීතයේ පද පෙළ

Nathi Barikam (Amma) Song Lyrics - නැති බැරිකම් (අම්මා) ගීතයේ පද පෙළ
Song Title : Amma (අම්මා)
ගායනය : දමිත් අසංක
සංගීතය : රදීශ් වැන්දබෝනා
පද : සජිත් වී. චතුරංග


නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා
හැම මොහොතේ මට හයියක් වුණා
ඔබ වටිනවා මහ මෙර තරම් මට මගේ රත්තරන් අම්මා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා
නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා

දණ ගාන පොඩි කාලේ තුරලේ හොවා මා
ඔබේ නින්ද සඟවා දමා
දොයි දොයි කියා මාව නිදිකෙරුව තාලේ
මගේ හීනේ කවියක් කළා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා

හිත හයිය ඇති තරුණ මිනිහෙක් උනත් මා
මගේ ගාව ඔබ නැවතිලා
ඔබ අනලා මට කවන බත් කට රසයිනේ
මේ ලෝකේ හැමටත් වඩා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා

නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා
හැම මොහොතේ මට හයියක් වුණා
ඔබ වටිනවා මහ මෙර තරම් මට මගේ රත්තරන් අම්මා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා
නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment