Miniseku Pita Nagi Asaruweki Song Lyrics - මිනිසෙකු පිට නැගි අසරුවෙකි ගීතයේ පද පෙළ

Miniseku Pita Nagi Asaruweki Song Lyrics - මිනිසෙකු පිට නැගි අසරුවෙකි ගීතයේ පද පෙළ
Song Title : Miniseku Pita Nagi Asaruweki (මිනිසෙකු පිට නැගි අසරුවෙකි)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එච්.එම්. ජයවර්ධන
මේ ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින්. 1984 දී එය "පිනිබර යාමේ" කැසට් පටයටත්, 1985 දී "සුනිල් මාලිනී යුරෝපයේදී" කැසට් පටයටත් ඇතුළත් වුණා. 1998 දී "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටියට හා කැසට් පටයට ද ඇතුළත් වූ මෙම ගීය නැවත 2005 වසරේදී "සුනිල් ගී 22" සංයුක්ත තැටියට හා කැසට් පටයට ද ඇතුළත් වුණා.



මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී //

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී

ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලෙට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment