Kurullanta Gee Hadanna Song Lyrics - කුරුල්ලන්ට ගී හදන්න ගීතයේ පද පෙළ

Kurullanta Gee Hadanna Song Lyrics - කුරුල්ලන්ට ගී හදන්න ගීතයේ පද පෙළ
Song Title : Kurullanta Gee Hadanna (කුරුල්ලන්ට ගී හදන්න)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී //

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හන්දා

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී

කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment