කොස් කටගැස්මක් හදමු (A Jackfruit Bite)

කොස් කටගැස්මක් හදමු (A Jackfruit Bite) - Your Choice Way

ඔන්න අද මං ඔයාලට ගෙනාවා ගෙදරම හදා ගන්න පුළුවන් රසම රස කටගැස්මක්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌱 හොඳින් පැසුනු කොස් මදුළු 20 ක් පමණ 
  • 🌱 රටකජු 100 g ක් පමණ 
  • 🌱 කුඩාවට කඩා ගත් නූඩ්ල්ස් 100g ක් පමණ 
  • 🌱 කරපිංචා කොල ටිකක් 
  • 🌱 මිරිස් කුඩු මේස හැන්දක් පමණ 
  • 🌱 අවශ්‍ය පමණ  ලුණු කුඩු
  • 🌱 කහකුඩු ස්වල්පයක් 
  • 🌱 බැදීමට තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌸 කොස් මදුළු සිහින්ව ලියා ගන්න.
  2. 🌸 ලියාගත් කොස් මදුළු කහ සහ ලුණු අතගා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න.
  3. 🌸 රටකජු ද ගැඹුරු තෙලේ බැද ගන්න.
  4. 🌸 නූඩ්ල්ස් ටිකද ගැඹුරු තෙලේ බැද ගන්න.
  5. 🌸 කරපිංචා ටිකද ගැඹුරු තෙලේ බැද ගන්න.
  6. 🌸 බැදගත් කොස්, රටකජු ,නූඩ්ල්ස් සහ කරපිංචා මත මිරිස් කුඩු සහ ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
  7. 🌸 හොඳින් නිවුණු පසු සුලං නොවදින ලෙස අසුරා ගන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස බලන්නකෝ 😍

සැකසුම: © නදීෂා ගමගේ හෙළයේ රස මිහිර
කොස් කටගැස්මක් හදමු (A Jackfruit Bite) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment