Irata Udin Song Lyrics - ඉරට උඩින් ගීතයේ පද පෙළ

Irata Udin Song Lyrics - ඉරට උඩින් ගීතයේ පද පෙළ
Song Title : Irata Udin (ඉරට උඩින්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කරුණාරත්න ජයතිලක
තනුව : සුනිල් දයානන්ද කෝනාර
2011 වසරේදී නිකුත්වූ “මල් වැහි පොද” සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.


ඉරට උඩින් සිංදු කියන
මාල ගිරව් රෑන
මිදුල පුරා හිනැහෙනවා
කිරිසුදු හඳපාන
දෙනෙත් පියවෙන ගානේ
පෙනෙයි මිහිරි හීන
මේ ඔක්කොම නුඹ හින්දයි
මට සෙනෙහස පාන

පාන්දරින් මලිති බටිති සිංදු ඇහෙන කොට
නාන මංකඩේ කෙකටිය කැකුළු පිපෙන කොට
හීන්සීරුවේ ගොම්මන් අඳුර වැටෙන කොට
වාන් දමන හිතේ සතුට කියන්න බෑ මට

වංකගිරියෙ රටා පැදුර පිලේ එලාගෙන
වැවට උඩින් පායන හඳ දිහා බලාගෙන
හීන් හඬින් රහස් කියන දෑස් පියාගෙන
ඉන්න දවස එනතුරු මං ඉන්නෙ බලාගෙන

ඉරට උඩින් සිංදු කියන
මාල ගිරව් රෑන
මිදුල පුරා හිනැහෙනවා
කිරිසුදු හඳපාන
දෙනෙත් පියවෙන ගානේ
පෙනෙයි මිහිරි හීන
මේ ඔක්කොම නුඹ හින්දයි
මට සෙනෙහස පාන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment