Irata Sandata Tharu Walata Sora Song Lyrics - ඉරට සඳට තරු වැලට සොරා ගීතයේ පද පෙළ

Irata Sandata Tharu Walata Sora Song Lyrics - ඉරට සඳට තරු වැලට සොරා ගීතයේ පද පෙළ
Song Title : Irata Sandata Tharu Walata Sora (ඉරට සඳට තරු වැලට සොරා)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ඉරට සඳට තරු වැලට සොරා
ඇළට දොළට බිඟු කැළට සොරා
මොහොතක් හිනැහෙමු පැයක් හඬන්නට
රෑ අඳුරේ
හමු වී
තනි වී //

ළදළු ළපත් සැලුණේ සුසුමින්
අපේ මුවින් නැගෙනා
සයුරු විමන් පිරුණේ කඳුළින්
අපේ නෙතින් ගලනා

ඉරට සඳට තරු වැලට සොරා
ඇළට දොළට බිඟු කැළට සොරා
මොහොතක් හිනැහෙමු පැයක් හඬන්නට
රෑ අඳුරේ
හමු වී
තනි වී

නෙතින් නෙතක උතුරා ගැලුවේ
අපේ නැවුම් සිහිනේ
යොවුන් ලොවම සිරවී බැඳුණේ
අපේ සිතුම් රැහැනේ

ඉරට සඳට තරු වැලට සොරා
ඇළට දොළට බිඟු කැළට සොරා
මොහොතක් හිනැහෙමු පැයක් හඬන්නට
රෑ අඳුරේ
හමු වී
තනි වී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment