Hurathaleta Kavi Kiyamin Song Lyrics - හුරතලේට කවි කියමින් ගීතයේ පද පෙළ

Hurathaleta Kavi Kiyamin Song Lyrics - හුරතලේට කවි කියමින් ගීතයේ පද පෙළ
Song Title : Hurathaleta Kavi Kiyamin (හුරතලේට කවි කියමින්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පිය මැන්නේ
පිය ළඳුනේ නුඹ නිසාය //

කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිම්
කැලේ පුරා ලතා ළපළු තුරු වැල් පෙම් කෙළිනු දුටිම් //
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ නුඹ නිසාය

හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පිය මැන්නේ
පිය ළඳුනේ නුඹ නිසාය

උනුන් හඹා දුවන පනින සමනල පෙම් වතුන් දුටිම්
රැළෙන් වෙන් ව පීනා යන ආදරවන්තයින් දුටිම් //
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ නුඹ නිසාය

හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පිය මැන්නේ
පිය ළඳුනේ නුඹ නිසාය //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment