Deno Dahak Nuwan Athare Song Lyrics - දෙනෝ දාහක් නුවන් අතරේ ගීතයේ පද පෙළ

Deno Dahak Nuwan Athare Song Lyrics - දෙනෝ දාහක් නුවන් අතරේ ගීතයේ පද පෙළ
Song Title : Deno Dahak Nuwan Athare (දෙනෝ දාහක් නුවන් අතරේ)
ගායනය : නන්දා මාලිනී
ගී පද : කුලරත්න ආරියවංශ
සංගීතය : වික්ටර් රත්නායක


දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ
තනි කළේ
පාසැල් බිමේ

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බරවුණු කැකුළු
අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා

දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ
තනි කළේ
පාසැල් බිමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment