Chandra Mandale Sathapuna Song Lyrics - චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ ගීතයේ පද පෙළ

Chandra Mandale Sathapuna Song Lyrics - චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ ගීතයේ පද පෙළ
Song Title : Chandra Mandale Sathapuna (චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගීය ඇතුළත් වූ ඇල්බම
1978 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා.
1988 දී සින්ග්ලංකා "මල් වට්ටියක්" කැසට් පටය ට ඇතුළත් වුණා.
2004 දී  ටොරානා මියුසික් නිකුත් කළ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී අඩංගු "සුවඳ මුවරද 1" සංගත තැටියට ද  ඇතුළත් වුණා.


චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණු සේ පාළුයි ලැයිං කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟ තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගෙයි දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණු සේ පාළුයි ලැයිං කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment