Chandra Mandala Badda Watin Song Lyrics - චන්ද්‍ර මඬල බැද්ද වටින් ගීතයේ පද පෙළ

Chandra Mandala Badda Watin Song Lyrics - චන්ද්‍ර මඬල බැද්ද වටින් ගීතයේ පද පෙළ
Song Title : Chandra Mandala Badda Watin (චන්ද්‍ර මඬල බැද්ද වටින්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගීය ඇතුළත් වූ ඇල්බම
1977 දී සිය ප්‍රථම EP තැටිය‍ෙන් මෙම ගීය දොරට වැඩියා. 1981 "චන්ද්‍ර මඬල" කැසට් පටයට ඇතුළත් වුණා.
1998 "නව රිද්ම ගී සොළොස" සංගත තැටියටත්, 2005 දී නිකුත්වූ "සුනිල් ගී 22" සංගත තැටියටත් ඇතුළත් වුණා.


චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා

පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන්
හනික සෝඩි නඟේ //

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා

දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ
පාළු දැනෙයි නඟේ //

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment