Bageta Salon Dorin Song Lyrics - බාගෙට සැලුන් දොරින් ගීතයේ පද පෙළ

Bageta Salon Dorin Song Lyrics - බාගෙට සැලුන් දොරින් ගීතයේ පද පෙළ
Song Title : Bageta Salon Dorin (බාගෙට සැලුන් දොරින්)
ගායනය : දමිත් අසංක


බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් බෘංගා
එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා

ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
පෙම්පත් පොතෙන් පොතට යන්නා
ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා
සිකුරිටි අහක බලා ඉන්නා

බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් බෘංගා
එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා

මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ
මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ
එක පිට එක පිට ඊ විදිනා
ශිල්පය පසෙක තියා සිල්පද බිඳිණු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා

බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් බෘංගා
එක්ටැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා
බාගෙට සැලුන් දොරින් රිංගා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment