Ahasayi Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ

Ahasayi Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ

Ahasayi Oba Mata Song Lyrics - අහසයි ඔබ මට ගීතයේ පද පෙළ
Song Title : Ahasayi Oba Mata (අහසයි ඔබ මට)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සහ සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානානයක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙය 1990 දී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ මුල්ම කැසට් පටය වූ “සිනා පොදක් වී” කැසට් පටය තුළින් දොරට වැඩි ගීයකි. 1996 දී “සරෝජා” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණි මං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

ගඟේ වතුර නැ ඉහළට ගලා ගියේ
අසෙනි හඬින් නෑ කඳු බිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුනු දා කඳු බිම් හැකිළෙනවා

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණි මං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි

‍අනාථ සයුරක වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
ඉණි මං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑ කල පතිත වෙමි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment