Thanipangalame Song Lyrics - තනිපංගලමේ ගීතයේ පද පෙළ

Thanipangalame Song Lyrics - තනිපංගලමේ ගීතයේ පද පෙළ
Song Title : Thanipangalame (තනිපංගලමේ)
ගායනය : මහාචාර්ය අමරා රණතුංග
පද : ආචාර්ය ප්‍රණීත් අබයසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


තනිපංගලමේ යන්න බයයි මට
කනත්ත ළඟ පාරේ
ඉස්සර නම් ඔබ
මා ඇරලන්නට
එනවා හැම වාරේ
එනවා හැම වාරේ //

අප හඳුනාගත් දිනවල වාගේ
කතාකරන්නේ නෑ
හිනැහෙන්නේවත් නෑ
ආදරයක් ඇතිවද මන්දා
මා වරදක් කෙරුවද මන්දා

තනිපංගලමේ යන්න බයයි මට
කනත්ත ළඟ පාරේ
ඉස්සර නම් ඔබ
මා ඇරලන්නට
එනවා හැම වාරේ
එනවා හැම වාරේ

නිතරම අප මුණගැසෙන නිසාදෝ
මා දෙස නොබලන්නේ
ඇයි මා රිදවන්නේ
මා අගයක් නැතිවද මන්දා
මා ලස්සණ මදිවද මන්දා

තනිපංගලමේ යන්න බයයි මට
කනත්ත ළඟ පාරේ
ඉස්සර නම් ඔබ
මා ඇරලන්නට
එනවා හැම වාරේ
එනවා හැම වාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment