Sahasak Pathuman Natha Ma Pathuwe Song Lyrics - සහසක් පැතුමන් නැත මා පැතුවේ ගීතයේ පද පෙළ

Sahasak Pathuman Natha Ma Pathuwe Song Lyrics - සහසක් පැතුමන් නැත මා පැතුවේ ගීතයේ පද පෙළ
Song Title : Sahasak Pathuman Natha Ma Pathuwe (සහසක් පැතුමන් නැත මා පැතුවේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා

ඇස කඳුළැලි මෙන්
ඉස පිනි බින්දු
පිරිසිදු නා මල දෝතෙහි රැන්දූ //
පිදුමත් පැතුමත් කඳුළට හරවා
මතකයි ඔබ පාමුල වැටුණා

සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා

අහිමි සැපත මිහිරියි සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා //
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්

සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණකි සිත ‍රැඳුණේ
හද අඹරෙහි අඬසඳ වැනි නෑනේ
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා
මතකයි සිරි දළදා වැන්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment